Monday, December 21, 2015

"වඩිවේල්" ගිණිගනියිද ?




දිනය 2015/12/19 වන සිකුරාදායි...එතරම්ම වැඩක් නොතිබුණ නිසා,කම්මැලිකම යන්නත් එක්ක කතාන්දරයක් අහන්න ඕනය කියල ස්වර්ණවාහිනී ලයිව්@8 බලන්න කියල ඕන් ඉදගත්තා...මම ඉදගන්නකොට සිරස්තල කියල ඉවරයි...ජනාධිපතිතුමා ගැන ප්රවෘත්තියක අන්තිම හරිය ගියේ....

ඔන්න ඒක ඉවර වෙලා නිවේදකයා  ඇදල පැදල පෝර දාල මන්ත්රී කෙනෙක් ගිණි තියාගන්නවා කියල පාර්ලිමේන්තුවේ දි කල කතාවක්" ගැන නිව්ස් එකක් ගියා.

ටිකක් ඉන්ටරස්ටින් නිසා ඔන්න ඇස් දෙකත් ටොම්බා සයිස් කරගෙන මාත් දැන් මේක බලනවා,
"තේ වතුවල වැඩකරන වතු කම්කරුවන්ගෙ පඩිය 1000ක් කරේ නැත්තම්,මම හෙට ගිණි තියාගන්නවා " කියල තව කතා ගොඩකුත් එක්ක කැඩිච්ච දෙමළෙන් කියල කිව්වා.....

ඔහුගේ නම "වඩිවේල් සුරේෂ්" කියලත් ඔහු .ජා. මන්ත්රී කෙනෙක් කියලත් යටින් දාල තිබ්බා..
මන් මට හිතුන දේ මෙතන කියන් නැතිව අන්තිමටම කියන්නම්....
ඊට කළින් බලමු,

කවුද මේ "වඩිවේල් සුරේෂ්" ? කියල


ඔහු මෙවර බදුල්ල දිස්ත්රික්කයෙන් එ.ජා.පක්ෂය නියෝජනය කරමින්  පාර්ලිමේන්තුවට ආපු මැම්බර්  කෙනෙකි .
මීට පෙර සන්ධානය නියෝජනය කරමින් පළාත් සභාවේ  සිටි කෙනෙක් වන අතර වතුකරයේ ජන්ද පදනමක් සදාගෙන සිටියි.


ඔන්න ඉතින් මෙයා ගැන චූට්ටක්  හොයපු මම , ඊළග දවස වෙනකම් හිටියෙ මනුස්සයා ගිණි තියාගන්නවාද බලන්න...
...........
හිතුවා  හරි ය ,
මැම්බර්තුමා ගිණි තියාගන්න පෙට්රල් අරන් එද්දි කීපදෙනෙක් ඇවිල්ල ඒක කරන්න එපා කියන අතරෙ, පොලීසියෙන් කෑන් ඇතුළට ගෙනියන්න දුන්නේ ද නැත....

දැන් ඇයි මොහු ගිණි තියාගන්න හදන්නෙ?





සරලවම වචන දෙකෙන් කියනවා නම්, "ප්රසිද්ධ වෙන්න " .
මෙවැනි ප්රකාශයක් කරාම වතු කම්කරුවන්ගේ වීරයා මොහුය මොහු කොළඹ සිට තමන්ගේ ආසනයට ගොඩබසින විට මල්මාලා දමා කරමතින් පිළිගන්නවා සිකුරු .වැඩේ හරි ගියහොත් ඊළග පාරත් පාර්ලිමේන්තු මැම්බර් කම ෂුවර් . ඕනෑම මැම්බර් කෙනෙකුගේ පරම පිවිතුරු අදහස වන්නේ නැවතත් පාර්ලිමේන්තු පැමිණීම . සදහා නොකරන දෙයක් නැති තරම් . නිසා මෙවනි ගැලරි පිනවන ප්රකාශ ගැන ඕනෑවට වඩා සංවේදී විය යුතුද?

දැන් සාමාන් මිනිහට නැගෙන ප්රශ්නයක් තමා,
"ඉල්ලීම ඉටුනොවුනා නම් මොහුට ගිණිතියාගන්න වෙනවා නෙ " කියන එක....

එයට උත්තරය නම්,නිසැකවම ඉල්ලීම ඉටුවෙනවා යන්නයි...

මම කොහොමද එහෙම කියන්නෙ?


කෙටියෙන්ම කියනවා නම් මොහු යූ.ඇන්.පී මන්ත්රීය අයවැය මොවුන්ගේය...එය හදන්නේද සංශෝධනය කරන්නේ ද  ඔවුන්මය..ඉතින් මොහු නායකතුමාගෙන් මීට පෙර  ඉල්ලීමක් කරන්නට ඇතැයි පහසුවෙන්ම නිගමනය කළ හැක.
එයට යන්තම් හෝ යහපත් ප්‍රතිචාරයක් ලැබුණු නිසා මොහු මෙවැනි නාටකයක් රග දක්වන්නට ඇතැයි සිතිය හැක.
අවසානයේ ඔහු මාධ්‍ය සාකච්චාවක් පවත්වා කීවේ, තම ඉල්ලීමට අගමැතිතුමා යහපත් ප්‍රතිචාර දැක්වූ බවයි. උඩින් ඔහු මෙසේ පැවසුවත් සැබවින්ම මෙය තිරපිටපතකට අනුව රගදැක්වූවකි.


නමුත් මැම්බර් තුමාගේ කපටිකම් ගැන  කිසිවක් නොදන්නා වතුකරයේ ජනයා මොහු ඊළඟ ජන්දයකදීත් උඩින්ම පත්කර එවනු ඇත.  

Friday, December 18, 2015

මොකක්ද මේ සිංහ ලේ ?




ඔන්න ඉතින් ඉදල ඉදල කම්මැලිකම යවාගන්නත් එක්ක මම බුකියට පොඩ්ඩක් ගොඩ උනා...ටිකක් බුකියෙ සැරිසරද්දි හැමතැනම ලස්සන ෆොටෝ එකක් තියෙනව මේන්...
සිංහ ලේ කියල ටැග් එකක් ජාතික කොඩියෙ ඉන්න සිංහයා වගේම සිංහයෙකුත් එක්ක...ෆොන්ට් එක කලර් මැචින් නියමෙටම කරල තිබ්බා.....
මට ඔය ටැග් එක මීට කලින් මතක නිසා පොඩ්ඩක් හොයල බැලුවම මේක සිංහල ලේකක සංගමේක ලෝගෝ එකක් කියල කවුදෝ දාල තිබ්බා...
.....
මේ ෆොටෝ එක නිමිත්ත කරගෙන විවිධ ආකාරයේ පෝස්ට් දාල තිබ්බා ,
ඒ තමයි..

*සමහරු මේ ෆොටෝ එක සහ ඒකට විවිධ අර්ථකතන  දීල තිබ්බා.
*සමහරු මේක තදින් විවේචනය කරල තිබ්බා.
*සමහරු දේශපාලන වාසියක් ගන්න උත්සහ කරල තිබ්බා.
*තවත් සමහරු මේක දාන්නෙත් නැතිව විවේචනය කරන්නෙත් නැතිව තමන්ගෙ පාඩුවෙ ඉන්නව දැක්කා..
*තවත් අය ලේ වර්ග ටික,ලේ සම්බන්ධ තව වචන දාගෙන පෝස්ට් හදල තියෙනව දැක්කා.

මම කම්මැලිය උනාට ඉතින් මොකක් හරි කුතුහලය අවුස්සන දෙයක් දැක්කම මට ඒකෙ අගක් මුලක් හොයාගන්නකම නින්ද යන්නෙම නෑ....ඔන්න ඉතින් කම්මැලිය වැඩේට බැස්ස ,

මට හොයන්න ප්‍රධාන කාරණා කීපයක් තිබ්බා ඒ තමා..

1.ඇයි මේ පෝස්ට් එක එකපාරටම පැතිරිලා ගියේ ?
2.විවේචකයන්ගෙ විවේචන සාධාරණද ?
3.මොකක්ද මේ ෆොටෝ එකෙන් දෙන අදහස ?

 කියන කාරණා තුන තමයි මූලිකවම මට හොයාගන්න ඕන උනේ....

ඇයි මේ පෝස්ට් එක එකපාරටම පැතිරිලා ගියේ?


මේක ටිකක් අමාරු උනා කිව්වොත් හරි..මොකද ගොඩාක් අය දාල තිබ්බට මේක ආපු තැනක් හොයාගන්න බැරි උනා...කොහොම කොහොම හරි හොයාගෙන යද්දි,මේකට පනතක් සම්බන්ධයි..
ඒ තමයි ජාතිවාදයට වැට බදින පනත,මේ පණත ගොඩක් කල් ඉදන් පාර්ලිමේන්තුවෙ තියෙන පනතක් හරියටම කිව්වොත් වාසුදේව මහත්තය භාෂා ඇමති කාලෙ ගෙනාපු පනතක් මේක..
විවිධ සංවිධාන දෙන විවිධ අර්ථකතන නිසා සහ ඒවගෙ මැදිහත්වීම එක්ක තමා මේක ඇරඹෙන්නෙ....
මම ඒක හරිද වැරදියි ද කියන්න යන්නෙ නැහැ..ඒක කියවන ඔයාල හොයල බලල තීරණය කරන්නෝන එකක්..........

විවේචකයන්ගෙ විවේචන සාධාරණද ? මොකක්ද මේ ෆොටෝ එකෙන් දෙන අදහස ?


මෙහි සිංහ යන්න වෙනමත්,ලේ යන්න වෙනමත් තිබීම නිසා පැහැදිලිවම ගම්‍ය වන අරුත නම් සිංහයාගේ ලේ යන්නයි...
නමුත්
මෙම ෆොටෝව දාන සමහරුම විවේචන වලට උත්තරයක් දීගත නොහැකි නිසා,
1.මෙය අතීත සිව්හෙළය පසුව සිංහලේ උන නිසා මෙයින් සුද්දා යටත් කරගැනීමට පෙර තිබූ නම නිරූපණය වේ යැයි පවසයි,
2.මෙය සිංහල ජාතියේ නම යන්නද , එය සිංහලේ යනුවෙන් නිරුපණය වේ යැයිද පවසයි...
ඉහත තර්ක දෙක මම කිසිම විටෙක පිළිනොගනිමි,
නැවතත් කියන්නේ මගේ මතය, මෙයින් සිංහයාගේ ලේ යන්න නිරූපණය කරන බවයි...අවසානයේ එසේ සිතන්නේ අයිද යන්න පැහැදිලි කරන්නෙමි...
...............
විවේචකයා මා මෙහි කියන අර්ථය කෙළින්ම හසුකරගෙන ඇත,එනම් මේ සිංහයාගේ ලේ යන අර්ථය දෙන බවයි...
එතැනින් පටන්ගෙන මොවුන් දැඩිව මෙය විවේචනය කරන්නේ..
" තාත්ත සිංහයෙක්ද "
" අම්මා කැලේට ගියාද ? සිංහයා ගෙදරට ආවාද "
වැනි කාරණා උලුප්පමනි,
නමුත් විවේචකයා හිතාමතාම අමතක කරණ කාරණාවක් ඇත,එනම් මෙහි සිංහයාගේ ලේ යන්න සංඛේතාත්මකව පමණක් යොදා ඇති බවය...

උදාහරණෙකට :- ක්‍රිකට් ටීම් එක කොල්ලොන්ට සිංහ පැටව් කිඅයව වගේ.
සැබෑවටම සිංහ ලේ නොව සිංහයාගෙන් නිරූපණය වන ඇතැම් ලක්ෂණ තමන්ටත්, ඇතිය යන්නයි..


මොනාද මේ ලක්ෂණ ?


ඉතාමත්ම සරලයි...ජාතික කොඩියේ සිංහයා මගින් නිරූපණය කෙරෙන ලක්ෂණ යි..එනම් සිංහ ලේ යනුවෙන් අදහස් කර ඇත්තේ 
සිංහල ජාතියේ ශක්තිය හා උදාරත්වය
*සිංහල ජනවර්ගය
 යන කාරණායි....

දැන් ඔබට මෙහි සැබෑ අර්ථය කුමක්දැයි වැටහෙනවා ඇත.
විවේචකයන් සිංහයාගේ ලේ අල්ලගනිමින් විවේචනය කිරීම ද බාල වැඩකි.

අවසානයේ කීමට ඇත්තේ අපි උදාර ජාතියකි එය අවිවාදිතය,නමුත් වර්තමානයේ අපේ ගැහැණුන් ලක්ෂ 8ක් වහල්කමට යවා උදාරත්වය ගැන පම්පෝරි ගැසීම සාධාරණද යන්න මා මගෙන් ම මෙන්ම ඔබෙන් ද ප්‍රශ්න කරමි.

...................................................

**සිහිතබා ගතයුතුයි : ඔබේ ජාතිකත්වය කිසිවෙකුට දේශපාලනය සදහා හැසිරවීමට ඉඩ ලබා නොදෙන්න..

මේ කම්මැලියා ලියූ දෙවැනි ලිපියයි...ඊළග ලිපියෙන් හමුවෙමු.

Tuesday, December 8, 2015

ලංකාවේ පිරමීඩ කෙළිය

කම්මැලිකම පැත්තකින් තියල මොනව හරි මෙව්ව එකක් ලියන්න කියල හිතල තමයි ඕන් මං මේක ලියන්නෙ....(මේ මගේ පළවෙනි එක)

මොකක්ද ලියන්නෙ කියල කල්පනා කරද්දි මගේ ඔලුවට ආවෙ දැන් අපේ පුංචි දූපතේ පැතිරිලා යන වසංගත රෝගයක්..රෝගයක් ඒක වසූරිය වගේ දෙයක් නෙමෙයි අමුතු රෝගයක්..මේකෙ නම් "පිරමීඩ සෙල්ලම" ඊජිප්තුවෙ පිරමීඩ නෙමෙයි වෙන පිරමීඩ ජාතියක්.ඉතින් අහම්බෙකින් හරි මේක දැකල කියවන කෙනෙක් අහයි "අනේ උඹේ වසංගතේ අපි අහලවත් නෑනෙ" කියල.ඒකත් ඇත්ත ඔයාල ඒ වචනෙ අහල නෑ මන් තව වචනයක් කියන්නම් ඒක අහල තියෙනවද බලන්න,ඒ තමා "නෙට්වර්ක් මාර්කටින්" එහෙමත් නැත්තම් "ජාලගත අලෙවිකරණය" .මොකක්ද මේ අලෙවික්කරණය - ඒ කියන්නෙ මොකක් හරි විකිණීම.එතකොට ජාලගත කියන්නෙ මොකක් හරි ජාලයක් හදන් ඒ අලෙවිකරණය සිදුකිරීම.සරලවම කියනව නම් ඔයාලගෙ ගෙදරට එනවනෙ ඔය ටයි එහෙම දාගෙන බඩු විකුණන්න කොල්ලො,ඒ අයත් කරන්නෙ එහෙම වැඩක්...ඒ නිෂ්පාදනයේ ජාලය තමා ඒ,ඒ ගේන නිෂ්පාදන ඔයා මීට කලින් "වෙළද දැන්වීමකින්" දැකපු එකක්වත් කඩේ විකුණන්න තියෙන එකක් වත් නෙමෙයිනෙ....ඒක සම්ප්‍රදායික වෙළදාමට ටිකක් වෙනස් විදියක්...හරි අපි කතාවට බහිමුකො.
..........
මම මේ කියන එක දන් නැත්තම් වැඩි  දවසක් යන්න කලින් ඔයාට මේ අත්දැකීමට මුහුණ දෙන්න වේවි,ඔන්න මම අංජනම් බලනව වගේ ඔයාට අනාගත වැකියක් කියන්න යන්නෙ...
......
ඔයා නිදහසේ ඉන්න වෙලාවක ඔයාට ඔයාගෙ හොදම යාළුවෙක්ගෙන් හරි වෙන සමීප කෙනෙක්ගෙන් හරි කෝල් එකක් ඒවි,ඊට පස්සෙ ඒ කතාකරන කෙනා ඔයාට කියන දෙවල් පහත පරිදි වේවි.
..................................................
ඔයා :- හෙලෝ
එයා :- මචන් වැඩකද ඉන්නෙ?
ඔයා :- නෑ බන්,කියහන් මොකක්ද වෙන්නෝන?
එයා :-මචන් මට ලොකු වැඩක් (පොඩි වැඩක් කියල කොයිම වෙලාවකවත් කියන් නෑ ) සෙට් උනා,උඹ මගේ ෆිට් එක නිසා උඹවත් සෙට් කරගන්නෝන..උඹට පුළුවන්ද ............තැනට එන්න. (මේ කතාව ඔයාට ආදරෙන් කියන එකක් කියල ඔයාට හැගෙන්න තව වචන එකතු කරාවි )
ඔයා :-ඉතින් මොකක්ද වැඩේ දැන් කියහන්කො..(ඔබ මෙවැනි ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඇසුවත් උත්තරය වන්නේ හම්බෙලාම කතාකරමු යන්නයි )
...................................
ඉතින් මෙහෙම ඔයා කැමති උනොත් ඔයාව එයා එක්කන් යයි අදාල තැනට,නැත්තම් ඔයා අකමැත්තෙන් හරි කැමතිවෙනකම් වාත වේවි..
.........

***මේක නියම සිරා වැඩක් නම් මෙච්චර වාත වෙන්නෙ මොකටද?හොරු වගේ හැංගිල කරන්නෙ මොකද?

.........
ඔයා අදාල තැනට ගියා කියමුකො,එතනදි ඔයාට හම්බෙන්නෙ වෛද්‍යවරු,ගොඩක්ම කැම්පස් ළමයි එහෙම...එතනට ඔයා වගේම තව 20ක් විතර අලුත් අය ඇවිත් ඉදියි....
එතෙන්ට එනව සුපිරියට ඇදගෙන හොදට ට්‍රේනින් වෙච්ච පොරක්,මනුස්සය ඔයාලගෙ "බ්‍රේන් වොෂ්" කරන්න දන්න උපරිම වැඩකෑලි ටික දානවා..ඔහු, මම පහතින් කියන කරුණු ගැන ඔයාගෙ හදවතට කතාකරනව..
1.දුප්පත්ව ඉදල මහා කෝටිපතියො උන මිනිස්සු ගැන.
2.එයාගෙ උසස් වෘත්තිය අත ඇරල මේක තෝරගන්න හේතුව.
3.දෙමාපියන්ට සැළකීම ගන
වගේ කතන්දර බොහොම ලස්සනට කියල,වීඩියෝ දෙකක් විතරත් පෙන්නාවි.....
.............

දැන් තමා හොදම ටික,

ඒ කිවුවෙ මේ ව්‍යාපාරෙ ගැන ඔබේ ඇස් උඩයන ආකාරයේ පැහැදිලි කිරීම..
ව්‍යාපාරයේ නීත්යානුකූලබාවය ගැන ඉදන් සමාගම සිරා සමාගමක්ය කියන්න ඔක්කෝම කියල,අන්තිමේට මේක කරන විදිය පහදනවා.....මෙන්න මෙහෙම,
"ඔයාලට දියුණු වෙන්නෝන නම් පොඩි දෙයයි කරන්න තියෙන්නෙ,ඒ තමයි 63000ක් දීල අපේ නිෂ්පාදන මිළදී ගන්න එක....ඊට පස්සෙ ඔයාගෙ යාළුවො දෙන්නෙක්ට මේ නිෂ්පාදනය විකුණුවම හරි..එච්චරයි කරන්න තියෙන්නෙ,මේ විදියට අවුරුද්දක් විතර යද්දි මහන්සි නොවීම ධනවතෙක් වෙන්න පුළුවන් " ය කියන කතන්දරේ කියනව....
එහෙම ධනවතෙක් වෙන විදිය එයා ඇදල පෙන්නනව...ඒකට යන 20න් 6ක් වත් මේක ට අහුවෙනව,...
.............

මම මේකට "අහුවෙනවා" කියන්නේ ඇයි?මොකක්ද මේ කොටි වළිගය?


 මේ ව්‍යාපරයට සහභාගි වෙන පළමු කෙනා ඔයා නෙමෙයි,ඔයා නොදන්න කෙනෙක්..එයා මුළින්ම වැඩේට බහිනවා,එයා මේ වෙනකොට තම්න්ගෙ මුදළ වගේ 1000ගුණයක් හොයල  ඇති..එයාගෙන් පස්සෙ තව දෙන්නෙක් එකතු වෙනව,දෙන්නෙක් එකතු උනාම පළමු කෙනාට රු.2000ක් බගින් 4000ක් හම්බෙනව.
ඔයාට 4000ක් හම්බෙද්දි මේකෙ උඩ අය කීයක් හොයල ඇත්ද?
63000න් 13000න් වැඩකට නැති නිෂ්පාදනයට අයින් කරාම ඉතුරු මුදල 50000ක්..ඔයාට 4000ක් ලැබෙද්දි සමාගම 5000*3=150000ක් හොයලත් ඉවරයි.
ඊළග අදියරේදි ඔයාගෙ යටින් කට්ටිය සෙට් වෙනකොට එක්කෙනාට 13500 ගාණෙ දෙනව...මේ රූපය බලන්න..මේ වෙද්දි ඔක්කොම 6දෙනෙක් ඔයාට යටින් සෙට් වෙලා..සමාගමට 50000*7=350000යි,ගෙවල තියෙන්නෙ (13500*4+2000+2000) + 2000*2+2000*2 = 66000 යි..ඔන්න ඔහොම තමා වැඩේ වෙන්නෙ.....



දැන් කට්ටියට තර්ක කරන්න පුළුවන් මේක පුණ්‍ය ආයතනයක් නෙමෙයි,ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරයක් ය කියල...
ඒකත් හරි කියමුකො...
...
දැන් අපි බලමු මේක ප්‍රායෝගිකද කියල....
...
අපිම මේ පිරමීඩෙ ඇදල බලමුකො..
මේකෙ ඒක් අදියරට ඕන මිනිස්සු ගාණ මන් දහවෙනි අදියරේ ඉදල පහතින් දක්වන්නම්කො..
10 වන අදියර = මිනිස්සු 512
11,12,13,14
15 වන අදියර = මිනිස්සු 16384
16,17,18,19
20 වන අදියර = මිනිස්සු 524288
21,22,23,24
25 වන අදියර = මිනිස්සු 16777216
26,27,28,29
30 වන අදියර = බිලියන 5.36
31 වන අදියර = බිලියන 10.7
................

කොහොමද  වැඩේ  ලෝක ජනගහනය බිලියන 10.4ක් විතරනෙ...31වන පිරවරේදිම ලෝක ජනගහනය ඉක්මවා යනවා...

මේක දකින ඔයා 25වෙනි පියවරේ දි මේකට සෙට් වෙන කෙනෙක් උනොත්,ඔයා කොහෙන්ද නිෂ්පාදනය විකුණල සල්ලි හොයන්නෙ....
30 වෙනි පියවරේදි මේකට සම්බන්ධ වෙන බිලියන 5.4 ම අනාථ වෙනව.......
තේරුනාද බරපතලකම...
කොයිම මොහොතක හරි මේකට සම්බන්ධ වෙන පලළම ස්ථරයෙ ඉන්න ලංකාවෙ ලක්ෂ 10කට විතර එකපාර තමන් වියදම් කරන 63000 හොයාගන්න වෙන් නැහැ.
.........
තේරුණා නේද බරපතලකම...
මේ සමාගම "ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්"

මේකට සරසවි ශිෂ්‍යයොන්ගෙ ඉදන් හිගන්න වෙනකම් අහුවෙලා ඉන්නෙ,ඔයාල බේරෙන්න මේකෙන්.. "කම්මැලියට" ඒ හොදටෝම ඇති...
..........
තවත් ලිපියකින් හමුවෙමු !